Tuesday, February 10, 2026
Follow Us
කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කර තිබේ.
 
මෙම සිද්ධීන්ට අදාළව දෙවන සැකකරු වශයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්කැල්ල නම් කෙරුණු අතර ඔහුට හෙට දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබදෙන ලෙසටද නියෝග කර ඇත.
 
අල්ලස් කොවිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි.