Tuesday, February 10, 2026
Follow Us
හිටපු ඇමති මහින්දානන්ද රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් කර සිටි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයට පැමිණ භාරවීමෙන් පසු මෙම මස 26 දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (19) නියෝග කර තිබේ.

ඉකුත් සිකුරාදා දින නිකුත් කළ වරෙන්තුවකට අනුව අමාත්‍යවරයා අද  පෙරවරුවේ සිය නීතිඥ මාර්ගයෙන් අධිකරණය පෙනී සිටියේ ය.

අල්ලස් කොමිසමේ  සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝගය ලබා දී තිබේ.