කොත්මලේ, බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
කෙසේවෙතත් තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ නුවරඑළියේ සිට අනුරාධපුරය, රාජාංගනය දක්වා ධාවනය වු වෑන් රථයක්. අනතුරට පත් වී තිබෙන්නේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංගනය දක්වා ගමන් කරමින් සිටි පිරිසක්.
මෙම අනතුරද සිදුව ඇත්තේ පසුගිය 11 වනදා පුද්ගයින් 23 දෙනෙකුට දිවි අහිමි කළ බස් රථ අනතුර සිදු වූ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයට යාබඳ ස්ථානයකදීයි.