Tuesday, February 10, 2026
Follow Us
ජනාධිපති පරිසර සම්මාන - 2025

පරිසර හිතකාමී ක්‍රියාකාරීන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන 2025 සඳහා දැන් අයදුම්පත් කැඳවා ඇත. 

ශ්‍රී ලාංකීය මාතෘ භූමියේ පරිසරය සුරැකීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන කර්මාන්තකරුවන්, වෘත්තිකයන්, ආයතන, සංවිධාන සහ පාසල් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මේ සඳහා අයදුම් කළ හැක. 

මේ සඳහා සියලුම තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ www.cea.lk යන වෙබ් අඩවියෙන් ද දුරකථන අංක 0112 872 278 මඟින් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්‍යාල මඟින් ලබාගත හැකි අතර 2025 මැයි 16 වනදාට පෙර අයදුම්පත් යොමු කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි .