Tuesday, February 10, 2026
Follow Us

අදට (12) යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබේ.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේය.

ඒ අනුව බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.

එම පිරිස අතර කාන්තා රැඳවියන් 04 දෙනෙකු හා පිරිමි රැදවියන් 384 දෙනෙකු සිටින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා සදහන් කළේය.

නියමයන් සහ කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.

මේ අතර වෙසක් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ අනුව අද සහ හෙට (13) යන දෙදින තුළ මෙම අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Aruna