Sunday, April 26, 2026
Follow Us
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන්, එක් පවුල් ඒකකයකට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක්
කොත්මලේ, ගැරඬිඇල්ල ප්රදේශයේදී ඊයේ  (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී ඇත.

 ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.

මීට අමතරව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට නියමිතය.