Tuesday, February 10, 2026
Follow Us
දේශබන්දු පරීක්ෂණ කමිටුවෙන් වැඩබලන පොලිස්පතිට දැනුම් දීමක්

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශන වලට සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දෙයි.

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතුවලට සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුණි. මෙම කමිටුව ඊයේ (25)  පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේදී මෙසේ දැනුම්දීම සිදු කෙරිණි.

එසේම කමිටුවට සහයවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති  නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් නම් කොට ඇති අතර අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්විණි.

ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව හෙට (28) දින නැවත රැස්වීමට තීරණය කෙරිණි.