Tuesday, February 10, 2026
Follow Us
සිරි දළදා වන්දනාව දෙවැනි දිනයට ඇරඹෙයි

'සිරි දළදා වන්දනාව' දෙවන දිනටත් අද (19) දහවල් 12ට ආරම්ණ කළ අතර අද  පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ.

අද දිනයේ ද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනනෙහි රැස්ව සිටියි.

ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක්  වශයෙන් ප්‍රවේශ මාර්ග තුන ඔස්සේ මාලිගාවට ඇතුළුවීමේ පෝලීම් පවතී.