මහනුවර සිරි දළදා වන්දනාව පැවැත්වෙන සමයේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (18) සිට ලබන 27වැනිදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තැම්පත් කර ඇති ශ්‍රී දළදා වහන්සේ ලංකාවාසී බෞද්ධ ජනතාවට වන්දනා කිරීමට අවසථාව හිමි වේ.
එම දිනවල ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනතාවක් මහනුවර නගරයට හා ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට පැමිණීමට නියමිතය. එම ජනතාවගේ ආරක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට සහය වෙමින් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයත්, ව්‍යාප්තවීමත් වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර මහතා ප්‍රකාශ කර සිටියි.