Monday, January 05, 2026
Follow Us
ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මෙම විශේෂ දුම්රිය වැඩපිළිවෙළ එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ති‌බේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ විශේෂ දුම්රිය කාලසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් සිය ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමේ හැකියාව ඇති බවයි.

ඒ අනුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට විශේෂ දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

තවද බදුල්ලේ සිට කොළඹ බලා පැමිණීමට දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එමගින් ජනතාවට නැවත කොළඹ කොටුව බලා පැමිණීමට හැකියාව ඇති බවද සඳහන් කළේය.