Saturday, January 03, 2026
Follow Us
ඔබ සැමට සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වේවා

2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.

 ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ පූර්වභාග 04.04ට වන අතර තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

 මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අද පූර්වභාග 06.44 ට යෙදී තිබිණි.