Tuesday, June 30, 2026
Follow Us
හෙට හා අනිද්දා බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන්ට රැඳවියන් බැලීමට අවස්ථාවක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට හා අනිද්දා බන්ධනාගාරගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාව ලබාදී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඒ අනුව ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.