Tuesday, February 10, 2026
Follow Us
ධිවර සංස්ථාවෙන් මාළු ගෙනියන්න අලුත් බෑගයක්

හඳුනාගත් සතොස අලෙවිසැල් 21ක මූලික ව්‍යාපෘතියක් ලෙස ග්‍රෑම් 300-400 ප්‍රමාණයේ කුඩා frozen fish නැවුම් මාළු පැකට් හඳුන්වා දීමට නියමිත බව ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාර්ක් මහතා පැවසුවේය.

ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා ගම්පහ, බෞද්ධාලෝක මාවතේ පිහිටි ලංකා ධීවර සංස්ථාවේ මාළු වෙළඳසැලේ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේදී අදහස් දක්වමිනි.

පාරිභෝගිකයන්ට අඛණ්ඩව සාධාරණ මිලකට නැවුම් මාළු ලබා දීමට පියවර ගන්නා අතරම, මීගමු ගම්පහ ප්‍රාදේශීය කළමනාකරු සහ කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනේදී විශේෂ දිනුම් ඇදීමක් ද පවත්වා වටිනා ත්‍යාග පාරිභෝගිකයන්ට ප්‍රදානය කෙරිණි.

ඉදිරියේ එළඹෙන අවුරුදු සමයේ ඇතිවිය හැකි මාළු හිඟය අවම කිරීමට සහ මිල වැඩිවීම පාලනය කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළ ධීවර සංස්ථාවේ සභාපතිවරයා, කුඩා ප්‍රමාණයේ නැවුම් මාළු ඇසුරුම් කාගේත් අත් බෑගයේ වුවද පහසුවෙන් ගෙන යා හැකි බව ද වැඩිදුරටත් පැවසීය.