Tuesday, February 10, 2026
Follow Us
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා‌ගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.

එම බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු පසුගිය 04වැනිදා පෙරවරුවේ  ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

එමෙන්ම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවිමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබේ.

සියලුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අමාත්‍යවරයා  දැනටමත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.