Monday, March 31, 2025
Follow Us
ඇප ලැබුණත් චාමර සම්පත් බන්ධනාගාර ගත කරයි

නඩු තුනක් සම්බන්ධයෙන් ඊයේ (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ළදරු පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා පළාත් සභාව හරහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් චෙක්පතක් වශයෙන් ලබාගෙන එය තම පදනම යටතේ මුදල් බවට පත්කරගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.