Tuesday, February 10, 2026
Follow Us
බලපත්‍ර නොමැතිව ඖෂධ කරල් ලක්ෂ 5ක්  සමඟ සැකකරුවකු අත්අඩංගුවට

පසුගිය 01 වැනිදා රාත්‍රි කාලයේ මීගමුව පොලිස් වසමේ කොප්පරා හන්දිය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැති ඖෂධ කරල් ලක්ෂ 5ක්  සන්තකයේ තබාගෙන වෑන් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවකු වෑන් රථය සමඟ අත්ඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකි.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.