පසුගිය 01 වැනිදා රාත්‍රි කාලයේ මීගමුව පොලිස් වසමේ කොප්පරා හන්දිය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැති ඖෂධ කරල් ලක්ෂ 5ක් සන්තකයේ තබාගෙන වෑන් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවකු වෑන් රථය සමඟ අත්ඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.