Tuesday, February 10, 2026
Follow Us
ඉදිරියේදී පාතාල ක්‍රියාකාරකම් සඳහා කිසිදු ඉඩක් නැහැ

ශ්‍රී ලංකා තුළ අපරාධ මැඩලීම් සාර්ථකව සිදුකරගෙන යාමේදී, ඊට එරෙහිව ඇතැම් පාතාල කණ්ඩායම් ක්‍රිියාත්මක වන බවත්, විමර්ෂණ අඩපණ කිරීමට ඇතැම් කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

අතීතයේදී දේශපාලන රැකවරණය සමඟින් පාතාලය පෝෂණයවීමේ ප්‍රතිඵල වර්තමානයේ දක්නට ලැබනෙන නමුත් අද ඒ සඳහා කිසිදු දේශපාලන රැකවරණයක් නොලැබෙන බවත් එම නිසා පාතාල කල්ලි අතර තිබෙන ගැටුම් මෙලෙස එළියට එන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

.