ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොඳින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කලාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් හේතුවෙන් ඊයේ දිවයින පුරා විදුලිය ඇණහිටීමට හේතු වී ඇති බව මූලික විමර්ශනවලින් පෙනී යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.
ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ කොහොම වුනත් මේ තත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නා බවයි.
විදුලි බිඳ වැටීම නිසා අපහසුතාවයට පත් වූ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන අතරම විදුලිය පද්ධතිය යථා තත්වයට පත් කරන්නට වෙහෙසුණු හා සහයෝගය දුන් සියලු දෙනාටමත් ස්තුතිවන්ත වන බව ද බලශක්ති අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.