Wednesday, February 11, 2026
Follow Us
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (04) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි CORVETTE FSGHM වර්ගයට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව, දිගින් මීටර් 90.71ක් හා නැව්මුළුව 120ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් WIRASTYO HAPRABU කටයුතු කරනු ලබයි.

තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව ඇති අතර, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘KRI DIPONEGORO - 365’  අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.