Wednesday, February 11, 2026
Follow Us
දීර්ඝ නිවාඩුව හේතුවෙන් අදත් විශේෂ බස් සේවා

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත් විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ, අද පෙරවරුවේ හැටන් දක්වා අතිරේක බස් රථ 8 ක් යෙදවූ බවයි.

ගම්බිම් බලා ගිය පිරිස් සඳහා යළි කොළඹට පැමිණීමට හෙට සිට බස් ධාවනය කෙරෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.