Wednesday, February 11, 2026
Follow Us
1990 සුවසැරිය පදනමට නව පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය.

ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන මහත්වරුද අදළ පත්වීම් ලිපි ලබා ගත්හ.