Wednesday, February 11, 2026
Follow Us
වනඅලි ගම්වැඳීම පාලනය කිරීමට පියවර ගැනේ

වනඅලි ගම්වැදීම පාලනය කිරීමට අනුරාධපුර , මහවිලච්චිය කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12ක් ඉදිකිරිමට පියවර ගෙන තිබේ.

මෙම මුර කුටි ඉදිකිරීම ප්‍රජා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය මත සිදු වේ.

එම ඉදිකිරිම් අවසන් වු පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුරකුටි වලට යොදවා ගනිමින් වනඅලි ගම් වැදීම පාලනය කිරීමට නියමිතය.

මෙම වැඩසටහන පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඩබ්.ජී.ඩබ්. වනසිංහ මහතා , මෙම වැඩසටහන සාර්ථක නම් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඉදිරි වර්ෂය තුළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ද  පැවසීය.