Wednesday, February 11, 2026
Follow Us
උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවාවක්

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.‍

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස් රථ 50ක් ධාවනයට එක් කර ඇති බවයි.

එසේම අධිවේගී මාර්ගයේ ධාවන වන බස් රථ ප්‍රමාණයද වැඩි කර තිබේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවයි.