Saturday, July 27, 2024
Follow Us
මෙරට මරණවලින් 89%ක්ම බෝනොවන රෝග නිසා

මෙරට සිදුවන මරණ වලින් 89% සිදුවන්නේ බෝනොවන රෝග නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

මිලියන 41 ක් බෝනෙවන රෝග නිසා වාර්ෂිකව ලොව පුරා මිය යන බවත් එයින් මිලියන 17.2 ක් මිය යන්නේ හෘද රෝග නිසා බවත් ලේකම්වාරයා පෙන්වා දුන්නේය. මෙරට දුම් පානය නිසා 20,000ක් පමණ දෙනා මිය යන බව පෙන්වා පෙන්වා දුන් අතර ලෝකයේ මිලියන 8 ක් මියයන බවද, මෙය අවම කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම,හදුනා ගැනීම,රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ ඇතිකළ යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.

කොපමණ ප්‍රතිසංස්කරණ සෞඛ්‍ය සේවාව තුළ සිදුකළත් රෝගියාට දක්වන කරුණාව, සෙනෙහස,මෙන්ම ගුණාත්මක ප්‍රතිකාරයක් ලබා නොදුනහොත්  ජනතාව තුළ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි  තිබෙන විශ්වාසය අඩු වන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.