Friday, March 29, 2024
Follow Us
ටොයෝටා වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්

ටොයෝටා සමාගම නොමිලේ කරන්න යන වැඩේ


ටොයෝටා සමාගමේ මෙරට බලයලත් නියෝජිත ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම විසින් වාහන හිමිකරුවන් වෙත විශේෂ දැනුම් දීමක් කර තිබේ.

ටොයෝටා Corolla 121, 141 සහ Yaris වාහන මාදිලිහිමිකරුවන් වෙත එම දැනුම්දීම සිදු කර ඇත.

මගීන්ගේ ආරක්ෂාව සහතික කරමින් ටොයෝටා Corolla සහ Yaris වර්ගයේ මෝටර් රථවල ඉදිරිපස මගී වා මලුව (Front passenger air bag) නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධ වැඩසටහනක් සමාගම විසින් ආරම්භ කර ඇති අතර එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අදාළ වාහන හිමිකරුවන්ගේ සහයෝගය සමාගම ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් ප්‍රසිද්ධ දැන්වීමක් සමාගම විසින් පළ කර ඇති අතර අදාළ දැන්වීම පහතින් දැක්වේ.

TOYOTA1 1

Arunaa