ධර්මාශෝක විදුහලෙන් අලුත් වැඩක්
ඉන්ධන අර්බුදය ඇතුළු පොදු ප්‍රවාහන සේවා වල අඩුපාඩු හේතුවෙන් කිසිවිටෙකවත් එය ඉගෙනීමට බාධාවක් කර නොගෙන පාසලට පැමිණිය හැකි ක්‍රමවේදයක් වන පා පැදිය පාසල් සිසුන් අතර ජනප්‍රිය කරවීමේ චේතනාවෙන් පාසල් ළමුන්ගේ පා පැදි සවාරියක් අද(05) අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිට ආරම්භ කර තිබිණි.
මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසිනි.
ධර්මාශෝක විදුහල ඉදිරිපිට ගාලු පාරේදී ආරම්භ කෙරුණු මේ පා පැදි සවාරිය අම්බලන්ගොඩ නගරයේ පාසල් කිහිපයක් පාදක කොට ගනිමින් විථි සංචාරය කෙරිණි.
Aruna