Sunday, December 28, 2025
Follow Us
ලංකා IOC සමාගමෙන් කොන්දේසි 4ක්

සංචාරක ඇතුළු අංශ කිහිපයකට ඉන්ධන සැපයීමේ තීරණයක්


මෙරට සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල නිරතවන්නට ඩීසල් සැපයීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.

එම සමාගම සදහන් කළේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන්ට මේ අනුව ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි.

සංචාරක කර්මාන්තයට අමතරව තවත් අංශ කිහිපයකට ද ඩීසල් සැපයීමට එම සමාගම පියවර ගෙන ඇති බවට නිවේදනයක් මගින් දන්වා තිබේ.

ලියාපදිංචි අපනයනකරුවන්, සංචාරක සේවා සපයන්නන්, බලපත්‍රලාභී විදුලි සංදේශ සේවා සපයන්නන් සහ විදුලි උත්පාදන සමාගම් ඩීසල් සැපයීම සඳහා නියාමන රාමුව තුළ ලියාපදිංචි කිරීමටයි ලංකා IOC සමගම සැලසුම් කර ඇත.

මීට අමතරව ලංකා IOC සමාගම විසින් කොන්දේසි කිහිපයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

https://www.lankaioc.com/diesel-supplies-in-usd/

Aruna