මස්සිනා නෑනාව ගෙදරදීම දූෂණය කරලා
පාසල් සිසුවියක් (15) ගැබ් කල එක්දරු පියෙකු (21) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
පොලිසිය ප්‍රකාශ කර සිටියේ සැකකරු නාවලපිටිය දොලොස්බාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සැකකරුගේ බිරිඳ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වත්ත පහල කොටසේ පදිංචිකරුවෙකු බවත් සැකකරු බිරිඳගේ නිවසට පැමිණි අවස්තාවේ බිරිඳගේ නැගණිය වන පාසල් සිසුවිය දූෂණයට ලක් කර ඇති බවත් ය.
පාසල් සිසුවිය මේ වන විට සය මසක ගැබිණියක් වන අතර ඇයගේ හැසිරිම් රටාව පිලිබදව සැක සිතූ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය එම පාසල් සිසුවිය බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර පරික්ෂා කර බැලීමේදී ඇය සය මසක ගැබිණියක් බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
Aruna