Friday, April 19, 2024
Follow Us
බුර්කාව තහනම්, ගැසට් නිවේදනය නිකුත් වෙයි

බුර්කාව සහ නිකාබය තහනම් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය අනුව කිසියම් තැනත්තෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී ඒ තැනැත්තා හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි සම්පූර්ණ මුහුණු සඟවා ගනු ලබන යම් ඇඟළුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යක් ඇඳීම හෝ පැළදීම තහනම් වෙයි.

ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වාද දෙකන් අතරද (දෙකන් නොඇතුළත්ව) යම් තැනැත්තෙකුගේ මුහුණ සම්පූර්ණ මුහුණ ලෙස අර්ථ ගැන්වෙන බවද එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ. මෙම තහනම අනුව මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාව නිකාබය හෝ සම්පූර්ණ ආවරණය වන ඇඟළුමක් පැළඳ සිටින්නෙකුට එම ඇඳුම ඉවත් කරන්නැයි ආරක්ෂක අංශ නිලධාරීන්ට නියම කළ හැක. යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ, පොලිසියේ හෝ සිවිල් ආරක්ෂක බළකායේ නිළධාරීන්ට එවැනි නියමයක් කිරීමේ බලය පැවරේ.

(LNW)