Thursday, March 28, 2024
Follow Us
අක්කර ලක්ෂ 22ක බිම් තීරුවක් ඇමෙරිකාවට…බෝම්බ – කලබල මැද ඇමරිකා උගුල අටවයි

අක්කරයක් මාසිකව රුපියල් 24 බැගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි බිම් තීරුවක් කිසිදු අනුමැතියකින් තොරව සහ අත්තනෝමතික ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ලබා දීමට උත්සහ දරමින් සිටින බව ජාතික සමතා බලවේගයේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ත්‍රීකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝ මීටර් දෙසීයක් දිගැති අඛණ්ඩව සරල රේඛීය ආකාරයට පිහිටන මෙම බිම් අක්කර ලක්ෂ විසි දෙකකට වඩා වැඩි භූමියක් අයත් වන අතර එය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නමැති සමාගමට විකිණීමට සැරසෙන්නේ දැවැන්ත ඇමරිකානු ආර්ථික කලාපයක් ගොඩනැඟීමට බව හෙතෙම සඳහන් කරයි.

මේ නිසා රටේ උතුර – දකුණ වෙන්වන අතර මෙම කලාපය තුළ බල බලපැවැත්වෙන ඇමරිකානු නීතිය සහ ඇමරිකානු ආධිපත්‍යය බවද ඔහු කියා සිටී. බැවින් මෙම කලාපය තුල සිදුවන කිසිදු ආකාරයක අපරාධයකට ශ්‍රී ලංකාවේ පොලිසියට හෝ අධිකරණයට මැදිහත් වීමේ හැකියාවක් නැතැයි විරසේකර මහතා පවසයි.

රටෙන්කොටස්ක් ඇමරිකාවට ලබාදීමේ මෙම ගිවිසුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර අත්සන් කිරීමට නියමිත ඇති බව ගමැතිවරයාගේ මුවින් ම ප්‍රකාශ වූ බවත් ඒ සඳහා ජනතා අනුමැතිය හෝ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට ක්‍රියාකර නොමැති බවද ඔහු සඳහන් කරයි.

මෙම කලාපය තුළ පුල්මුඩේ ඉල්මනයිට්, එප්පාවල පොස්පේට්, තෝමියන් සහ මොනසයිට් ඇතුළු මිල කළ නොහැකි ඛණිජ නිධි සම්පත් ඇතැයිද වීරසේකර මහතා කියා සිටී. මේ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය බරපතල අවදානමකට ලක්වන බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික සමතා බලවේගය විසින් රාජගිරිය ජාතික සංවිධානය පොදු මධ්‍යස්ථානයේ ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

(Lanka Leads)