Friday, April 26, 2024
Follow Us
පල්ලි සෝදිසි කිරීමේදී සීමාව පැනගෙන යන්නත් එපා - අසාත් සාලි

මුස්ලිම් දේවස්ථාන සෝදිසි කිරීමේත් සීමාවක් තිබිය යුතු බවත් එය ඉක්මවා කටයුතු නොකළ යුතු බවත් ඒ සියල්ල පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කළ බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ඇතැම් මුස්ලිම් දේවස්ථාන පරීක්ෂා කිරීම සඳහා පොලිසිය සහ හමුදාව එක් වතාවක් නොව පස්වතාවක් ගොස් ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

පල්ලිවලින් කඩු හමුවීම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ කඩු 47ක් හමුවූයේ කොම්පඤ්ඤ වීදිය පල්ලියෙන් පමණක් බවත් මුළු රටේම සෝදිසි කළත් වෙනත් කිසිම පල්ලියකින් කඩු හමු නොවූ බවත්ය.

"කඩු ගැන කතා කරනවා. මේ කඩු කන්ටේනර් 10ක් ඇවිල්ලා තියනවලු කස්ටම්ස් එකෙන්. කවුද ගේන්න දුන්නෙ ? මේ කඩු විකුණගන්න බැරුව සේලුත් දාල විකුණලා තියෙනවාලු. ඒවා බැලුවෙ නැද්ද කවුරුත් ?

එක පල්ලියක, එක මන්ත්‍රීවරයෙක් එයා ගාව තිබිච්ච කඩු ගිහින් පල්ලියෙ පූජකවරයාට දීලා තියෙනවා මේක තියාගන්න කියලා. ඒක ඇරෙන්න වෙන කිසිම පල්ලියකින් කඩුවක් හම්බුණේ නෑ.

පල්ලියෙ ලේන් එකේ කොණක ළිඳක් තියෙනවා. ළිඳක තිබිලා දෙකක් අරං පෙන්නනවා පල්ලියෙන් හම්බුණා කියලා" යනුවෙන් ද ඒ මහතා සඳහන් කළේය.

අසාද් සාලි මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)