Friday, April 26, 2024
Follow Us
මරණ දඬුවම හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි සිරකරුවන්ට පොදු සමාවක්, ලැයිස්තුවකුත් හදලා

දිගු කලක් තිස්සේ බන්ධනාගාරවල සිටින, මරණ දඬුවම හිමි වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. බන්ධනාගාරවල පවතින අධික තදබදයට විසඳුමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

මේ යටතේ මරණ දඬුවම නියම වී වසර 20 කට වැඩි කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට ජීවිත සමාවක් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී බන්ධනාගාර තුළ සිටින සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමටත් යෝජනා වී තිබේ.

මෙරට බන්ධනාගාරවල මරණ දඬුවම හා ජීවිතාන්ත දක්වා සිර දඩුවම් විඳින සමස්ත සිරකරුවන් පිරිස 1116 කි.

මේ වනවිට ඔවුන්ගේ සිරදඬුවම් කාලය ඇතුලු තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් අදාල අංශ වෙත යොමුකර ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.

(LNW)