Friday, November 14, 2025
Follow Us
ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයන් කටයුතු කර සිටියා.

පෙරේදා (22) මෙම වෙළෙද සංකීරණයේ පුද්ගලයින් 39 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් 06 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනිමට හැකිවිය.

හදුනාගත් ආසාදිතයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පුල්මුඩේ හා ත්‍රිකුණාමල නගරය අවට, සුමේධගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

(Neth)