Friday, November 14, 2025
Follow Us
තවත් ආසාදිතයින් 50ක් : රටේ සමස්ත කොරෝනා රෝගීන් ගණන 6000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 50 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙම ආසාදිතයින් අතරින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලේ 06 දෙනෙක් ද, කටුනායක වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලා 02 ක සේවකයින් 22ක් සහ ආශ්‍රිතයින් 22ක් ඊට අයත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ ආශ්‍රිත කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2558ක් වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6028ක් වනවා. මෙම පිරිසෙන් පුර්ණ සුවය ලැබූ පිරිස 3561 ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2454ක් වනවා.

(Neth)