Friday, November 14, 2025
Follow Us
කොටුව පොලීසියත් වැසේ

කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කෙරෙනවා.

ඒ වෙනුවට කොම්පඤ්ඤවිදිය සහ පිටකොටුව පොලිස් ස්ථානයෙන්, කොටුව පොලිස් ස්ථානයෙන් සිදුකිරිමට අවශ්‍ය රාජකාරී මහජනතාවට සිදුකර ගැනීමට හැකියාව ඇති බවයි ඔහු සඳහන් කළේ.

අද දිනයේදී කොටුව පොලිස් ස්ථානය සෞඛ්‍ය උපදෙස් අනුව සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරීමෙන් පසුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවා එම පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු යළි ඇරඹීමට සිදුකෙරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියා වාර්තා වීමෙන් පසු විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති බවත්, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 48ක් එම පොලිස් ස්ථානය තුලදීම නිරෝධායනයට ලක් කොට ඇත.

එමෙන්ම කොටුව පොලිස් ස්ථානයට අනියුක්තව සිටි සෙසු නිලධාරින් පොලිස් බැරැක්ක තුලදීම ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

(NEth)