මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2342 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී එම පොකුරෙන් ආසාදිතයින් 180 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින් අතරින් 37 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ‍්‍රිතයින් වනවා. අනෙක් ආසාදිතයින් 143 දෙනා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ආශ‍්‍රිතයින් බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
කුලියාපිටිය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු වාර්තාවීමත් සමග ඒ ආශි‍්‍රත ප‍්‍රදේශ දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. ඒ, කුලියාපිටිය ප‍්‍රදේශයේ දේව මෙහෙයකට සහභාගී වූ පිරිසකට සහ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වූ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමගයි.
අදාළ දේවමෙහෙයට 50 දෙනෙකු සහ විවාහ මංගල්‍ය උත්සවයට 300 ක පමණ පිරිසක් සහභාගී වී ඇති බවයි කුලියාපිටිය ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල ගුණසේකර නෙත් නිවුස් වෙත පැවසුවේ.
කුලියාපිටිය ප‍්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ ආශි‍්‍රතයින් 400 කගේ පමණ ඡුක්‍ඍ පරීක්ෂණ මේවනවිටත් සිදුකර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. එම පරීක්ෂණවල වාර්තා ඉදිරියේදී නිකුත්වීමට නියමිත බව ද කුලියාපිටිය ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් උත්පල ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)