Friday, November 14, 2025
Follow Us
ලෝක වෙළෙද මධ්‍යස්ථානයේත් කොරෝනා

කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ ඇක්ටිව් නොලේජ් පාට්නර්ස් ලංකා පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අදාළ සේවකයා පසුගිය පසුගිය 8 වැනිදා ද එම ආයතනයේ සේවය සදහා වාර්තා කර ඇති බවට කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ වන විට ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ පිහිටි අදාළ ආයතනය තාවකාලිකව වසා දමා තිබේ.

එමෙන්ම එම ආසාදිතයා සමග සමීපව කටයුතු කළ අනෙකුත් සේවකයින්ව ද මේ වන විට දැනුවත් කර ඇත.

මෙම ආසාදිතයා කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචිකරුවකු වන බවට ද තොරතුරු වාර්තා වේ.

(Lanka LEads)