Friday, November 14, 2025
Follow Us
කොටුව පොලීසියේ නිලධාරියෙකුටත් කොවිඩ්

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම විමර්ශන ඒකකයේ කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහළේය.

පසුගියදා අදාළ පොලිස් නිලධාරියා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගෙන ඇති අතර, එහි වාර්තා වලට අනුව ඔහු ආසාදිතයෙකු බවට තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අනෙකුත් නිලධාරීන් ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතව ඇත.

(Aruna)