කළුතර දිස්ත්‍රික්කයේ තවත් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
අප කළුතර නාගොඩ මහ රෝහලෙන් සිදුකළ විමසීමකදි එහි නිලධාරිනියක් පැවසුවේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මොවුන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (19) දිනයේ තහවුරු කර ගත් බවයි.
මොවුන්ගෙන් දෙදෙනෙකු නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් ආසාදිතයා පයාගල ප්‍රදේශයේ පදිංචි අයෙකු වේ.
එක් කාන්තාවක් මතුගම පෞද්ගලික බැංකුවක සේවය කරන නාගොඩ 6 වන මාවතේ පදිංචි තැනැත්තියක් වන අතර අනෙක් කාන්තාව නාගොඩ විජිත මාවතේ පදිංචි තැනැත්තියක් වේ.
අනෙක් ආසාදිතයා පයාගල පදිංචි පුද්ගලයෙකු බව නාගොඩ රෝහලේ සදහන් කරයි.
(Aruna)