Friday, November 14, 2025
Follow Us
කොරෝනා වෛරසය සමේ ගෑවුණොත් වෙන දේ මෙන්න

‘කොවිඩ්-19’හෙවත් කොරෝනා වයිරසයට මිනිස් සම මත පැය 9කට ආසන්න කාලයක් රැඳී සිටිය හැකි බව ජපාන පර්යේෂකයෝ පිරිසක් අනාවරණය කර ගෙන තිබේ.

සාමාන්‍යයෙන් උණ හෙම්බිරිස්සා තත්ත්ව ඇති කරන වයිරසයේ විෂබීජ සම මතුපිට රැඳී පවතින්නේ පැය දෙකක් හෝ තුනක් පමණක් බවත් කොවිඩ් වයිරසයේ විෂබීජ අනෙක් සියලු වයිරස් විෂබිජවලට වඩා ප්‍රබල බව පර්යේෂකයෝ පැහැදිලි කරයි.

එතනෝල් සහිත විෂබීජ නාශක දියර භාවිත කිරීමේදී කොවිඩ්- 19 වයිරස විෂබීජ තත්ත්පර 15 ක් ඇතුළත විනාශ කර හැකි බව ද ජපන් වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වාදෙයි.

වයිරසය සමේ රැඳී පැවැතියත් එය ශරීරගත වන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වලින් පමණි.

මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය මීටරයකට හෝ මීටර් දෙකකට වඩා පවත්වා ගැනීම සහ දෑත් පිරිසුදු කිරීම නිරන්තරයෙන් කිරීමේදී වෛරසයෙන් බේරීමට හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙයි.

‘ක්ලිනිකල් ඉන්ෆෙක්ෂස් ඩිසීස් ජර්නලයේ’මෙම නවතම අධ්‍යයනය පිළිබඳ තොරතුරු පළ කර ඇත.

(Aruna)