Friday, November 14, 2025
Follow Us
කඨින පිංකම් ගැන ගත් තීරණය

රටේ පවතින කොවිඩ් නයින්ටීන් අවධානම සැලකිල්ලට ගනිමින් මෙවර කඨින පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකිරීමට අස්ගිරි මල්වතු උභය මහා විහාරය විසින් තීරණය කර තිබේ.

මාධ්‍යට අදහස් දක්වමින් ස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

එමෙන්ම, සම්ප්‍රදානුකුල චාරිත්‍ර සඳහා මුල්තැන දෙමින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් කඨින පිංකම් පැවත්වීම කටයුතු කරන ලෙස මහා සංඝරත්නය දැනුම් දෙති.

(Lanka Leads)