කොළඹ වරායේ නැව් තටාකාංගණයේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මීට පෙර එම ස්ථානයෙන් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී තිබිණි.
ඒ අනුව කොළඹ වරායේ නැව් තටාකාංගණයෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 16කි.
මීට අමතරව නැව් සමාගමක සේවය කරන, කොළඹ වෝඩ් පෙදෙසෙහි පදිංචි පුද්ගලයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු ඉහත කී ඩොක්යාඩ් සේවකයින්ගේ ආශ්‍රිතයකු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
(LNW)