Friday, November 14, 2025
Follow Us
කොරෝනා වෛරසයත් බය රෝගය

ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ට කොරෝනා වයිරසයෙන් සිදුවන බලපෑම ඉතාමත් අඩු බව ඇමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පිරිසක් බ්‍රසීලයේ දී කරන ලද පර්‌යේෂණයකින් තහවුරු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් සඳහන් කරයි.

මෙහි දී ඩෙංගු වයිරසය ආසාදනය වීමෙන් පසු ශරීරය තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ කොරෝනා වයිරසය මර්දනය කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන ඇතැයි එම පර්‌යේෂණයෙන් වැඩිදුරටත් තහවුරු වී ඇතැයි හෙතෙම පැවසීය.

මේ අනුව ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යන රටවල්වලට කොරෝනා වයිරසයේ දැඩි බලපෑම් එල්ල නොවනු ඇතැයිද එම පර්‌යේෂණයෙන් තහවුරු වී ඇතැයි වෛද්‍ය කාරියවසම් සඳහන් කරයි.

(Aruna)