Friday, November 14, 2025
Follow Us
කටුනායක කලාපයේ සේවක සේවිකාවන්ට පෞද්ගලික වාහනයෙන් වැඩට ඒම තහනම්

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් අද දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව කර්මාන්තශාලා විසින් සපයන ප‍්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසනවා.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත‍්‍රයක් සේ යොදා ගෙන, සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප‍්‍රදේශ වෙත ගමන් කර සිටියදී පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබුණා.

කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවධානමක් මතු වී ඇති නිසා උසස් පොලිස් නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව හෙට දින සේවකයින් හට කර්මාන්තශාලාවට ඒමට ප‍්‍රවාහන පහසුකම් සළසා දෙන ලෙස කම්හල් හිමියන්ගෙන් පොලීසිය විසින් දැනුවත් කර තිබේ .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ආසන්නයේ පිහිටි නේවාසිකාගාර වල නැවතී සිටින සේවකයින් අවශ්‍ය නම් පා ගමනින් ද සේවය සදහා කර්මාන්තශාලා වෙත පැමිණිය හැකි බව ද කම්හල් හිමියන් ද එම සේවකයින් වෙත දැනුම් දී තිබේ .

(Neth)