Friday, November 14, 2025
Follow Us
කහතුඩුව හයිඩ්‍රාමනි ඇගළුම් කම්හලේ හෙදියකටත් කොරෝනා : මිනුවන්ගොඩ මංගල උත්සවයකට ගිය බවට තොරතුරු

හෝමාගම, කහතුඩුව හයිඩ්‍රාමනි ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන හෙදියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා

වෛරසය ආසාදනය වූ මෙම හෙදිය ඉකුත් ඔක්තෝම්බර් මස 03 වෙනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති විවාහ මංගලෝත්සවයකට සහභාගිවී ඇති බවයි හෙළිවී ඇත්තේ.

මෙම හෙදියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විමත් සමගම එම ඇගළුම් කර්මාන්ත ශාලාව තුළ PCR පරීක්ෂණ 200ක් අද දිනයේදී සිදුකිරිමට නියමිතව තිබෙනවා.

(Neth)