PCR පරීක්ෂණ ප්‍රතිඵල ලබාදීම සඳහා දින තුන හතරක් ගතවන තත්වයක් නිර්මාණය වීම යනු එතරම් හොඳ දෙයක් නොවන බවත් තමන් පසුගිය දින කිහිපයක සොයා බැලීමේදී PCR පරීක්ෂණ 3000 - 4000ක් අතර ප්‍රමාණයක් රසායනාගාර වල එකතු වී තිබෙන බව දැනගැනීමට ලැබුණු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
"PCR පරීක්ෂණයට ලක් කළොත්, මගෙන් සාම්පල් එක ගත්තොත් ප්‍රතිඵල එන්න දවස් තුන හතරක් යනවා නම් ඒක හොඳ සතුටුදායක තත්වයක් නෙවෙයි. අඩුම ගාණෙ පැය 24ක් ඇතුළත ප්‍රතිඵල ලබාදෙන වැඩපිළිවෙලක් එන්න ඕනෙ.
මොකද දැනටත් අපි ඊයෙ දවස තුළ, පෙරේදා දවස තුළ කතා කරනකොට 3,000 - 4,000 ක විතර ප්‍රමාණයක් රසායනාගාර තුළ එකතුවෙලා තිබුණා PCR පරීක්ෂණ දෙන්න. ඒක එතරම් සතුටුදායක තත්වයක් නෙවෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)