සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගෙනවිත් ඇති බව වාර්තාවේ. ඒ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහායි.
අපරාධ කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඉකුත් 2019 වසරේ මැයි 05වන දා එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවනු ලැබුවා. ඒ අනුව ඔහුව කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට පත් වූවා .
මාකදුරේ මධුෂ් මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් 50කට අධික සංඛ්‍යාවකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු වන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
(Aruna)