20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉදිරියට රැගෙන නොයන ලෙසත් ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.
මේ මොහොතේ අවශ්‍ය 20වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට පෙර එහි අන්තර්ගත කරුණු සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බවත් එම දැනුම් දෙයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතු ගණනාවක් මුල් කරගනිමින් සකස් කර තිබෙන නමුත් මූලිකවම ආර්ථික වර්ධනය , ජාතික ආරක්ෂාව , ජනතා පරමාධිපත්‍ය , භෞමික අඛන්ඩතාවය යන ස්ථාපිත විය යුතු බවත් පෙන්වා දෙයි.
යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධව වෙනත් කිසිදු තර්කයක් ඉදිරිපත් කරන බවක් පෙනෙන් නොමැති බවත්
20 වන ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් වුවද එමඟින් ජනතා පරමාධිපත්‍ය හා රටේ ජනතාවෙග් ආරක්ෂාව සිදුවිය යුතු බවත් ප්‍රකාශ කරයි.
තනි පුද්ගලයෙකු වටා බලය ඒකරාශී වීම ප්රජාතන්ත්රවාදී රටකට අහිතකර බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසදය අවධාරණය කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීම හරහා ජනතාවගේ සැබෑ ජනමතය ප්‍රදර්ශනය නොවන බවත් සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සකස්කිරීමට දායක විය යුතු බවත් පෙන්වා දෙයි.
(Dinamina)