Friday, November 14, 2025
Follow Us
කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකටත් කොරෝනා යයි

කොළඹ යුනියන් පෙදෙසේ ON 320 Residencies සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තාවී ඇත.

නිවාස සංකීර්ණයේ එක කුලුනක 27 වැනි මහලේ නිවසක කාන්තාව සහ එම පවුලේ රියැදුරාට මෙලෙස වයිරසය ආසාදනය වී තිබේ.

මෙම ආසාදිතයන් දෙදෙනා පෙරේදා (11 වැනිදා) අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් මේ වන විට හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

නිවෙස් හිමි ව්‍යාපාරිකයා හා පුතුද ​රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් ඊයේ (12 වැනිදා) පී.සී. ආර්. පරීක්ෂණයට ලක්කර තිබේ.

අදාළ අාසාදිත රියැදුරා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් නිවසේ හිමිකරු කර්මාන්ත ශාලා හිමියකු බවත් කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරයි.

විදෙස් තානාපතිවරු ඇතුළු ප්‍රභූන් රැසක් වාසය කරන මෙම නිවාස සංකීර්ණය ආශ්‍රිතව මේ වන විට සංචරණ සීමා පනවා ඇත.

(Aruna)