Friday, November 14, 2025
Follow Us
මිනු­ව­න්ගොඩ කොවිඩ් පොකුරේ ගාල්ලේ ආශ්‍රි­ත­යන් 104කට පීසී­ආර්

මිනු­ව­න්ගොඩ කොරෝනා පොකුරේ ගාල්ල දිස්ත්‍රි­ක්කයේ පළමු පෙළ ආශ්‍රි­ත­යින් 104 දෙනෙ­කුගේ පි.සි.ආර්. පරි­ක්ෂණ පෙරේදා (11) සිදු­කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේ­ශිය වසං­ගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගා­රච්චි මහතා පව­සයි.

ගාල්ල බද්දේ­ගම, රත්ගම, බල­පි­ටිය, බට­පොළ, අම්බ­ල­න්ගොඩ යන ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන්ගේ හා කොග්ගල ප්‍රදේ­ශයේ හෝට­ල­යක හා හබ­රා­දුව නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­නයේ නිරෝ­ධා­ය­නය වෙමින් සිටින පළ­මු­පෙළ ආශ්‍රි­ත­යන්ගේ පි. සි.ආර්. පරි­ක්ෂණ පෙරේදා (11) දින සිදු කළ බවද හෙතෙම පව­සයි.

පි. සි.ආර්. පරි­ක්ෂණ සිදු­කළ අය අතර රත්ගම කටු­දම්ප ප්‍රදේ­ශයේ භික්ෂුන් වහ­න්සේලා 12 දෙනෙකු සිටන බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේ­ශිය වසං­ගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගා­රච්චි මහතා පව­සයි. මේ අතර මිනු­ව­න්ගොඩ ඇග­ළුම් කම්හලේ සේවය කරණ සේවි­කා­වක් කොළඹ දි සිදු­කළ පී. සී.ආර්. පරි­ක්ෂ­ණ­යෙන් පසු වදු­රඹ පොල්ග­හ­විල ප්‍රදේ­ශයේ සිය නිව­සට පැමිණ ඇති බවද ප්‍රාදේ­ශිය වසං­ගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගා­රච්චි මහතා පව­සයි. එම ඇඟ­ළුම් සේවි­කාව දින ගණ­නා­වක් නිවසේ ගත­කොට ඇති අතර පළමු. පි.සි.ආර්. පරි­ක්ෂ­ණයේ ප්‍රති­ඵල නිශ්චි­තව හඳු­නා­ගෙන නොමැති අතර ඉකුත් 10 වැනි­දින ඇය කොග්ගල හෝට­ල­යක පව­ත්වා­ගෙන යන නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­නය වෙත රැගෙන විත් ඇති බවද වාර්තාවේ.

නැවත වතා­වක් මෙකි ඇඟ­ළුම් සේවි­කා­වට සිදු­කළ පී.සී.ආර්. පරි­ක්ෂ­ණයේ දි ඇයට කොරෝනා වයිර­සය ආසා­ද­නය වි ඇති බවට තහ­වුරු වි ඇති බවද ප්‍රාදේ­ශිය වසං­ගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගා­රච්චි මහතා පව­සයි.ඒ අනුව මෙකි ඇඟ­ලුම් සේවි­කා­වගේ පළමු පෙළ ආශ්‍රි­ත­යන් වන පවුලේ අය 08 දෙනෙ­කුගේ හා ත්‍රිරෝද රියැ­දු­ර­කුගේ හා ඔහුගේ බිරි­දගේ පි.සි.ආර්. පරි­ක්ෂණ පෙරේදා (11) දින සිදු­කළ බවද හෙතෙම පව­සයි.

මේ පිළි­බද වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේ­ශිය වසං­ගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගා­රච්චි මහතා මෙසේ කිවේය.

කොග්ගල නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­නයේ නිරෝ­ධා­ය­නය වන පළමු පෙළ ආශ්‍රි­ත­යන් 39 දෙනෙ­කුගේ හබ­රා­දුව නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථා­නයේ 12 දෙනෙ­කුගේ පි.සි.ආර් පරි­ක්ෂණ පෙරේදා (11) දින සිදු­කළා.මිට අම­ත­රව දත්ත වෛද්‍ය­ව­ර­ය­කුගේ දෙවැනි පි.සි.ආර්. පරි­ක්ෂ­ණය කළා. බල­පි­ටියේ 08 දෙනෙ­කුගේ, අම්බ­ල­න්ගොඩ 23 දෙනෙ­කුගේ, පි.සි.ආර් පරි­ක්ෂණ කළා. බල­පි­ටියේ පි.සි.ආර්. පරි­ක්ෂණ වාර්තා කළ 08 දෙනා­ටම කොරෝනා වෛර­සය ආසා­ද­නය වි නොමැති බවට තහ­වුරු වි තියෙ­නවා. අනිත් පි.සි.ආර්. පරි­ක්ෂණ වල ප්‍රති­ඵල ලැබි­මට නිය­මි­තව තියෙ­නවා යැයිද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේ­ශිය වසං­ගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගා­රච්චි මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

(Dinamina)